Friday, May 18, 2018

අපි කවුද ?

                   


                                                          අපි කවුද ?........



















ඉරගල වැටෙන යාමයට 
පිබිදිලා හැමදාම 
දුවනවා ජිවිතේ සැනසීම හොයාගෙන
කොන්ක්‍රීට් වනාන්තර 
මුළු නගරේ පුරාවට 
ඒ දිහා බල බලා  
අපි යන්නේ හැමදාම

සතුට සැනසුම කොහෙද
පැතුම් ඉටු වෙනවාද 
අරමුණක් හදාගෙන 
දුවනවා හැමදාම


විටෙක කදුලැලි මතින්
විටෙක හසරැල් මතින්
තවත් හිස්තැන් මතින්
කාලයට හරි බයෙන්
දුවනවා හැමදාම

ජිවිතේ හරි අරුත 
අපට වැටහෙනවාද 
එහෙම නැතිනම් තවත්
මිරිගුවම දකිනවද



ඉර අහසේ ගිලෙනකොට
දවස නිමවෙනවාද 
එත් අපි දුවන එක 
නවත්තල තියෙනවද



දුව දුවා ජිවිතේ 
සතුට සැනසුම හොයන
හති වැටි එක් දිනක 
සෝ සුසුම් වගුරුවන 



ජිවිතේ හදුනගෙන
හති වැටුන දවසකට 
හොදින් තේරුම් යාවි 
ඇත්තටම අපි කවුද  ...... 

Monday, January 22, 2018

   
managment තියරි






කළමනාකරණය කොතෙක් කලත්
කළමනාකරුවෙකු වෙන්ට හැකිද
managment තියරි දන්නා  පමණින්
අපි ඇත්තටම මැනෙජර්ලද 

ජිවිතේ හැමදේම
අඩුවකින් තොරව අපි
කරන්නට තැත් කලත්
එය එහෙම වෙනවාද
ලොකු managment එකක්
එක්ක අපි වැඩකරත්
වරදින්න යන්නේ හරි
අඩු කාලයක් නේද

හැමදේම අපි හොදින්
manage කලත් ඉතින්
manage කරන්න බැරි
එක දෙයයි දන්නවද

ජීවිතය යන විදිහ
හරි වුනත් වැරදුනත්
තවම තියරියක් නැති
එකම දෙය එය නේද

කාලය ...


               

Sunday, January 7, 2018



එච්චරයි ......







 අපේ ජීවිතවල ඇති නොයෙකුත් අභිප්‍රායන් අතර කාටවත් කරදරයක් නොවී යහතින් ජිවත් වීම එක අභිප්‍රයකි .වර්තමාන සමාජය තුල එම අභිප්‍රාය සාධනය කරගැනීමට තරම් ඉඩකඩක් තිබේද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාලයකි .කාටවත් කරදරයක් නොකරන මිනිසුන් අද සමාජයේ නැත්තාම නොවේ.එහෙත් බහුතරයක් සුළු හෝ කරදරයක් අනෙකාට සිදුකරයි.කරදර නිර්වචනය කිරිමට මා සතු වාග්කෝෂය අපොහොසත් නමුදු ඒ කරදර යනු කායිකව සිදුකරන හිරිහැර කිරීම් පමණක් නොවන බව කිවයුතුය.කායික කරදර වලට වඩා මානසික කරදර බෙහෙවින් බලසම්පන්නය.එහෙයින් එකී මානසික කරදර ගැන යමක් සදහන් කිරීමට මට සිතේ.මනුසතුන් වූ අපට සිතේ සතුට යනු මහගුම සම්පතයි.එත් අපේ සිතේ සතුට නැති කරන මානසික කරදරකාරයෙකු අපේ නිවසේම සිටි.යතාලෝකයෙන් එපිට ජිවිතයක් ඔබට පෙන්වා ඔබගේ ජීවිතය කරදරයට පත්කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයයි.මුළු ලෝකයේම ඇති ප්‍රශ්න ඔබේ සිතට ඇතුළු කරන මේ කරදරකාරය අන් කවරෙකු නොව රුපවාහිනීයයි
                                                         
                                         ඔබේ දිනචර්යාව තුල රුපවාහිනිය ඔබට කෙතරම් මානසික අසහනයක් ගෙනදෙනවාද යන්න මදක් සිතන්න,එහි විකාශනය වන වෙළද දැන්වීම් ,ටෙලි නාට්‍ය ආදියෙන් කෙතරම් ඔබේ මානසික සහනය පිරිහී යනවාද ? ,අධ්‍යාපන ,රැකියාව හෝ නිවසේ වැඩකටයුතු නිමාකර සවස් යාමයේ ඔබ මානසික සුවය සෙවීමට රුපවාහිනිය අභියස නෙත් අයාගන සිටියත් ඔබේ ප්‍රශ්න වලට කිසිදු විසදුමක් එයින් නොලැබේ.ඔබ යම් වැඩසටහනකට ,ටෙලිනාට්‍යක් බැලීමට පුරුදු වී සිටිනම් එක දිනක් හෝ එය නොබැලුවොත් ඔබ කෙතරම් වියවුලට පත්වෙනවාද ? එමෙන්ම බුරුතු පිටින් විකාශනය වන සිංහලයෙන් හඬකැවූ ඉන්දියානු ටෙලිනාට්‍ය අතර ඔබ කෙතරම් අතරමං වෙනවාද ?ඒ ටෙලිනාට්‍ය වලින් පෙන්වන ලෝකය ඇතැම්විට සජීවී ලෙස ඔබට දැනෙන්නටද බැරිකමක් නැත.එසේ වුවහොත් ඔබට මෙන්ම ඔබ වටා සිටින අයගේද මානසික පිඩාවට ඔබ හේතුවක් වේ.රුපවාහිනී සගයා ලංකාවට ගොඩබැස්සේ අධ්‍යාපන මාධ්‍යක් ලෙසය.එහෙත් ඔහු වර්තමානය වන විට හොදම අලවිකරුවෙකු වී හමාරය්.ටෙලිනාට්‍ය වෙළද දැන්වීම් මෙන්ම නොයෙක් වැඩසටහන් මගින්ද අලෙවිකරණය සිදුවන්නේ හොර රහසේමත් නොවේ.එහෙයින් අපගේ සගයා අපේ මනසට කරන බලපෑම පිලිබඳ සිතා බැලිය යුතුය.


මේ සටහන අවසානයේ ඔබට යමක් පැවසීමට සිතේ .කොතරම් විජ්ජා ඔබවෙත සමීප කලද  රුපවාහිනි සගයා අතේ දුරින් නොව ඊටත් ඈතින් තාබගත්තට කිසිදු වරදක් නොවේ.එසේ නොවුනහොත්  නුදුරු අනාගතයේදීම
අපේ රට උන්මන්තක්යන්ගෙන් පිරී යනු ඇත .එවිට  වෛද්‍යවරයා රෝග නිධානය ගැන විමසන විට අපට දීමට ඉතුරු වන්නේ එක් පිළිතුරක් පමණි .
" මං දිගටම පුරුද්දක් විදිහට t v බැලුවා ...එච්චරයි .


       




Wednesday, September 27, 2017

මාකට් වන තාරුණ්‍යය

                                    

                                              මාකට් වන  තාරුණ්‍යය








                                     තාරුණ්‍යය යනු ජිවිතයේ සුන්දරතම අව්ධියකි .විසිඑක්වන සියවසේ ස්මාර්ට් ලෝකයක් තුල හුස්ම ගනිමින් සිටින අපේ කාලයේ තාරුණ්‍යයට එකී සුන්දරත්වය විදගත හැකිද යන්න ගැටලුවකි .අපේ අම්මලා අප්පචිචිලගේ තාරුණ්‍යට වඩා අද අපේ තාරුණ්‍ය සංකීර්ණය .සියලුම සම්බන්ධතා තාක්ෂනය සමග මුසුකොට ස්මාර්ට් ඩිවයිස්  එකකින් ලෝකය බලන අපේ තරුණකම වර්තමානයේ වෙළද ප්‍රචාරකයන්ට සොදුරුතම ගොදුරක් බවට පත වී ඇත .නව ලෝකය හා ගැටෙමින් තාක්ෂණයේ පරිණාමවාදී ප්‍රතිඵල භුක්ති විදීමට වර්තමාන තාරුණ්‍යට අයිතියක් ඇත .එහෙත් එම අයිතිය හෝ අවශ්‍යතාව සිමාව ඉක්මවා භාවිත කිරීමට යාමෙන් තාරුණ්‍යයේ සුන්දරත්වය අහිමි වන මට්ටමකට පැමිණිය යුතුද නැත .වෙළද ප්‍රචාරනය හුදෙක්ම මාධ්‍යයේ ප්‍රගමනය උදෙසා අවැසි අත්‍යවශ්‍ය කරුණකි.නුතනයේ බොහොමයක්  වෙළද සන්නාමයන් ඉලක්ක ගත ග්‍රාහකත්වය බවට පත්වන්නේ තාරුණ්‍යයයි .එහෙත් එම වෙළද සන්නාමයන් සිය ලාභ ප්‍රයෝජන උදෙසා තාරුණ්‍යට ලබාදෙන්නේ සුදුසුම දේ දයන්න පිළිබඳව සිතා බැලිය යුතුය .තාරුණ්‍යයේ සුන්දරත්වය සමග ඇතිවන හැගීම්බර ස්වභාවය ඔවුන් තම නිෂ්පාදන ජනතාව අතරට ගෙන යාමට උපක්‍රමයක් ලෙස භාවිතා කරයි .විශේෂයෙන්ම විලාසිතා ,සුවද විලවුන්,ක්ෂණික ආහාර ,දුරකථන සමාගම් ,අන්තර්ජාල සේවා සපයන වෙළදපොල තුල තාරුණ්‍ය ඉතා ප්‍රබල ලෙස විකිනෙන අයුරු දැකගත හැකිය.
                  
                                   වර්තමානයේ වෙළද දැන්වීම් තුල කාන්තාවගේ ,නැතහොත් තරුණියගේ ශරීරය කෙතරම්  ප්‍රබල වෙළද උපක්‍රමයක් බවට පත්ව තිබෙන්නේද ?තරුණ ප්‍රජාව පමණක් නොව කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියලු දෙනා ආකර්ෂණය කරගැනීමට එම ස්ත්‍රී රුපයඋදෙසා  ලැබෙන මුල්‍යමය අගයට හැකිවී තිබේ .විද්යුත් මාධ්‍යයේ වේවා මුද්‍රිත මාධ්‍යයේ වේවා කිසිදු වෙනසකින් තොරව තාරුණ්‍යය අවම අගයකට  නමුදු වැඩිම  ලාභයක් උදෙසා විකිනෙයි .වෙළද ප්‍රචාරණයේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා රටේ කොදු නාරටිය සිල්ලරට ලන්සු තබන යුගයක තාරුණ්‍යයේ සුන්දරත්වය විදගන්නේ කෙසේද ?වර්තමාන ලෝකයට ආකල්පවලින් සංවර්ධනය වූ තාරුණ්‍යයක් අවැසිය.එනම් වෙළද ප්‍රචාරනය තුල ඇති යටි පෙළ තේරුම් ගැනීම උදෙසා යම් දැනුමක් අවශ්‍ය වේ.ස්මාර්ට් ලයිෆ් සොයායන යුගයක නියම ස්මාර්ට් ජීවිතය අපට ලගාකරගත හැක්කේ එවිටය .තාරුණ්‍යට දොස් නැගීම මෙයින් සිදු නොකරයි ,තවමත් තුන්වන ලෝකයේ සංවර්ධනය වන රටක් ලෙස ලයිස්තු ගතවී ඇති අපේ රට වෙනස් කිරීමට සමත් ප්‍රබල තාරුණ්‍යයක් අවශ්‍ය යුගයකට මේ වන විට අප පැමිණ සිටිමු .රටේ දේශපාලන අධිකාරියේ පටන් මාධ්‍ය ආයතන ,ව්‍යාපාරික ප්‍රජාව ආදී සියලු පාර්ශවවල සහයෝගය මේ සදහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ .


                                          ආකල්පවලින් සංවර්ධනය වූ තාරුණ්‍යයක් ගොඩනැගීම සදහා අප රටේ පවතින අධ්‍යාපන පටිපාටිය ප්‍රබල දායකත්වයක් දැක්විය යුතුය .දැනුමින් පමණක් පිරිපුන් මිනිසෙකු නොව එම දැනුම ප්‍රායෝගිකත්වයට නැගිය හැකි මිනිසෙකු තැනීම අධ්‍යාපනයේ වගකීමයි .එය පාසලේ ගුරුවරයාට හෝ විශ්ව විද්යාල කථිකාචාර්යවරයාට හෝ  සමාජයේ කවර පුද්ගලයෙකුට හෝ තනියෙන් සිදු කළ හැකි කටයුතතක් නොවේ.එහිලා තරුණයා ප්‍රථමයෙන් ක්‍රියාත්මක විය යුතුය ,සියලු දේ විකිනෙන ලෝකයක තාක්ෂනය සමග මුසුවී ආකල්ප සංවර්ධනය කරගැනීමට උත්සුක විය යුතුය .කියන්නා කෙසේ කිවත් අසාන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන කියමන  අනුගමනය කොට වෙළද ප්‍රචාරණයට ,සයිබර් ලෝකයට ස්මාර්ට් ගොදුරක් නොවිය යුතුය ,තමන්ට අවශ්‍ය දේ පමණක් නිවැරදිව තෝරාගෙන සරු දේ වගාකොට සරු අස්වැන්නක් ලබාගැනීමට උත්සාහ කල යුතුය .එවිට වර්තමානයේ මුදලට විකිනෙන තාරුණයේ සැබෑ සුන්දරත්වය විදගැනීමට මෙන්ම සංවර්ධිත රටක් බවටද පත්වීමට හැකිය .එහෙයින් මෙය මාකට් වන තාරුණ්‍යය උදෙසා කරන ලද දයාබර ආයාචනයක් ලෙස සිහි තබාගැනීම මැනවි . 

Thursday, September 14, 2017

ක්‍රිකට්



මහත්වරුන්ගේ කෙලි සෙලල්ලම් වල
ඉහලින් තැබූ ක්‍රිකට්...

මුළු ලෝකෙම අපි හැමෝම
වශී කරන ක්‍රිකට්

match බලන්න සතුටු වෙන්න
අපට කියන ක්‍රිකට්...

අද වෙනකොට
කොහෙද ගිහින්
අපේ නොවුණු ක්‍රිකට්...

බාල මහලු කොයි කවුරුත්
ආස කරපු අරුම පුදුම
බැට් එක බෝලය කඩුල්ල දැවී ගියාදෝ...

මුළු ලෝකෙම නමක් තියපු
Sri Lanka Cricket...

අද වෙනකොට
දැවී ගිහින් අපේ නොවුණු ක්‍රිකට්...

අයෙත් දවසක අපහට
කට පුරාම හිනාවෙන්න
හයේ හතරේ පහර වලින්
Scoreboard එක බලන්න

පුළුවන් වේවිද අපහට
අපේ නොවුණු ක්‍රිකට්...............

Wednesday, June 28, 2017

ස්මාර්ට් හීන






අම්මා හදයි පුංචි ඔරුව
වතුරේ පා කර හරින්න
අයිය හදයි සරුංගලේ
උඩු ගුවනේ සිරිමවන්න
නංගි උයන සෙල්ලම් බත
කන්න හිතයි බඩ පැලෙන්න
මල්ලි කඩන එන දන් ගෙඩි
වලට කැලේ අරක් ගන්න
දැන්නම් මේ හීන පොකුර
ස්මාර්ට් dream වෙලා ඔන්න

ගේම් ඩවුන්ලෝඩ් කරන්
ලස්සන සෙල්ෆියක් අරන්
ඔන්ලයින් chat එකක් දමන්
හීන බලයි පුංචි එවුන්
කෝ අම්මගේ පුංචි ඔරුව
කෝ අයියගේ සරුංගලේ
කෝ නංගිගේ සෙල්ලම් බත
කෝ මල්ලිගේ දන් පොකුර

කවුරුත් නැ ළගපාතක
ස්මාර්ට් ෆෝන් පමණයි ලග
ටැබ් එක මත නිතරම ඇස
තියන් ඉන්න එකයි සතුට

ඉතින් අපේ පුංචි එවුන්
වැරදියි කියලද කියන්නේ
ඉතින් ඔවුන් දකින හීන
කොහොමද ස්මාර්ට් නොවෙන්නේ........


Tuesday, May 30, 2017

සොබාදහමේ සරදම







කියාපන් අහස 
නුඹට අප කල වරදට
දඩුවම් දුන්නාද 
බලපන් අහස
අපේ උන්ගේ කදුල
සිතාපන් අහස
මිනිසුන්ගේ ඉරණම....


නුබේ  රුදු  බව
දැනුනා හොදින් අපට 
දියන් සමාව....
එකෙක් කල වරදට 
දඩුවම් විදිනවා සැවොම

දනිමි
 සොබාදහම 
රැකගැනීම
අපේ ඇත්තන්ට
බාලගිරි දෝෂයක් වනබව


සිහිකරපන් අහස 
බුදුමග...
දියන් සමාව මේ
විත්තිකරුවන්ට.....