Tuesday, April 9, 2019

සිතාසිය



සිතාසිය

බුර බුරා නැගෙන වාහනවල දුම් වළලු අතරින් මා වාහනය පදවාගෙන ඉදිරියට ගමන් කළෙමි.හවස් යාමයේ කොළඹ නගරයේ ඇති වාහන තදබදය මට නුපුරුදු දෙයක් නොවේ.රැකියාව අවසන් වී නිවෙස්වලට යන ගැහැනුන් මිනිසුන් ,බස්කාරයින්ගේ ධාවන තරග  ,කපුටන්ගේ නාද රටා මෙන්ම පදික වෙළෙන්දන්ගේ ඝෝෂාවද මාගේ දෙසවනට දෙනෙතට ග්‍රහණය වන්නේ අද පමණක් නොවේ..මා සමාජයේ වැදගත් පුද්ගලයෙකු විය හැකිය.හොදින් ඉගෙන ගෙන රජයේ විශ්වවිද්යාලයකින් උපාදියක් හදාරා පරිපාලන ක්ෂේත්‍රයේ ඉහල රැකියාවක නියුතු මට ජීවිතය ගැන බොහෝ තෘප්තියක් ඇතැයි බොහෝ දෙනා සිතති.එම තෘප්තිය කෙසේ වෙතත් මගේ රැකියාවේ ඇති කාර්යබහුලත්වය මට නිරතුරුව රැගෙන එන්නේ උභතෝකෝටික ප්‍රශ්න පමණි.
   පීප් .. පීප්... පීප්.. ජේමිස් ..මහත්තයා ඇවිත් ..ගේට් එක අරිනවා .ඉරේෂාගේ කටහඩ ඇසෙත්ම ජේමිස් පැමිණ ගේට්ටුව විවර කළේ යටහත් පහත් බැල්මක් මාවෙත හෙළමිනි .
කවදාවත් ඔයාට ඔෆිස් ඇරිලා වෙලාවට ගෙදර් එන්න නම් බැහැ නේද අසංක අයියේ ..ඉරේෂා මා   වාහනයෙන් බැසීමටත් පෙර විමසුවාය .
පාරේ ට්‍රැෆික් ඔයා නවත්තනවානම් ඔය කියන විගහනියට මට එන්න පුළුවන් .
අපෝ ඇති ඇති ඔයාගේ ඔය ගොඩේ භාෂාව නවත්තගන්න
. යයි කියමින් ඉරේෂා ගෙට ගියාය.මුළු දවසම ගිණුම් ලිපි ගොනු ,පරිගණකය හා දුරකථනය සමග කාර්යාල කාමරයක සිරවී සිටි මට මදක් හූ ඉස්පාසුවක් දැනෙන්නේ  නිවසට පැමිණ ඇගපත සෝදා  තේ කෝප්පයක් පානය කිරීමෙනි .තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මගේ පුතු සමග කල්ගේවිමද මට මහත් අස්වැසිල්ලකි.නමුත් අද පුතු නිවසේ නොසිටි හෙයින් මම ඉරේෂගෙන් පුතු ගැන විමසුවෙමි.එවිට ඇය පැවසුවේ තරුපහේ හෝටලයක ඇති සාදයක් සදහා ඉරේෂාගේ අම්මා තාත්තා නංගි පැමිණ අනුහස් රැගෙන ගිය බවත් ,සති අන්තය නිසා ඔහු නැවත ගෙදර එන්නේ ඉරිදා  රාත්‍රියේ බවත්ය.
ඇයට කිසිවක් නොකියාම ඇගපත සෝදාගෙන මිදුලට පැමිණියෙමි.හතර පැත්තෙන්ම වටවූ තාප්පය හා විශාල ගේට්ටුව නිසාම මගේ නිවස පිටත කිසිවෙකුට නොපෙනේ.බාහිර ලෝකයෙන් ඈත්ව වෙනම ලෝකයක තනිවී සිටින්නේදැයි විටෙක මට සිතේ.මා මිදුලේ සිටිනු දුටු මගේ බිරිද මා අසලට පැමිණියේ මට නොපෙනීමය.
“මොනවද අසංක අයියේ ඔච්චර කල්පනා කරන්නේ..අද අපි ඩිනර් ගන්න එළියට යමු..මට ෂොපින් කරන්නත් පුළුවන් අනේ.”
අද බැහැ මට DRIVE කරලම හරි මහන්සියි.අපි හෙට ගිහින් පුතාවත් බලලා ෂොපින් කරල DINNER අරන් එමු .
ඔයාට බැයි නම් ගෙදර ඉන්න .මං ඇදුම් අරන් රෑ කෑමත් අරන් එන්නම් ඔයාට ..කියමින් ඉරේෂා ගෙට දිවුවේ මා දෙස නොබලමිනි.  
ඇගේ ආශාවන් සපල කිරීමට මම මට හැකි උපරිමයෙන් සියල්ල කළෙමි.ඇයගේ ආශාවන් ඉටු කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ.කුඩාකල පටන්ම ධනවත් පවුලක හැදී වැදුණු ඇයගේ ගති සිරිත් සියල්ල සකස් වුයේ ඒ සමාජයට පෑහෙන පරිදිය.
මා අහස දෙස බැලූ විට කුරුළු රෑනක් ගෙමිදුලට උඩින් පියාසර කරනු මම දුටිමි.ඒ දසුන මගේ මතකය වසර ගණනක අතීතයට රැගෙන ගියේ නිරායාසයෙනි.
පුතා ලොකු විභාගේ පාස් කොරහම කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න ඇහැකි කියළ ලොකු ඉස්කොලේ මහත්තය මට කඩේ ගාවදි මුලිච්චි වෙලා කිවුව ..කියමින් අප්පච්චි ගෙට ගොඩ වුණේ අදරි වැටෙන්නට ඔන්න මෙන්න තිබියදීය.
මයේ පුතා ඉහළින්ම පාස් වෙනවා ..සිකුරුයි ..කියමින් පැමිණි අම්මා අප්පච්චිගේ කරේ තිබු ලේන්සුව සියතට ගත්තාය .
පුතාලෑ අප්පච්චිට මහන්සි නොවැ..මං කහට ඩිංගක් වක්කරන් එන්නම් ...කියමින් අම්මා ගෙට ගියාය .
පාරේ ගිය වාහනයක හෝන් ශබ්දයක් නිසා මා නැවත වර්තමානයට පැමිණයෙමි.
අපේ අම්මගේ අප්පච්චිගේ පවුල් ජිවිතයට වඩා මගේ පවුල් ජීවිතය බෙහෙවින් සංකීර්ණය.ආදර සම්බන්දයකින් විවාහ වූ මට ඉරේෂාගේ ආදරය එදා මෙන්ම අදත් ලැබෙන්නේනම් කොපමණ හොදදැයි සිතුණි.සරසවියේ ගතකල ජීවිතය ඇගේත් මගෙත් ආදරයේ මතක සටහන් වැඩිම කාලය විය .එහෙත් කාලයට සාපේක්ෂව ඇයකෙතරම් වෙනස් වී ඇත්ද ?
හවස නිවසෙන් පිට වූ ඉරේෂා නැවත පැමිණියේ රාත්‍රී 9.00 ට පමණය.විශාල කෑම පාර්සලයක් අතින් රැගෙන පැමිණි ඇය එය මේස උඩින් තැබුවාය.ඇයද අම්මලාගේ ගෙදර ගොස් පුතු සමගම නැවත පැමිණෙන බව කීවාය .
“අයියේ ඔයා හෙට එලියට යනවනම් අපේ පැත්තේ එන්න.දෙරවල් හොදට ලොක් කරල නිදාගන්න .ජේමිස් කෑම ටික හදල දෙයි.මං යනවා “කියමින් නිවසින් එලියට පැමිණි ඇයගේ කටහඩ නැවතෙනවාත් සමගම වාහනය පනගන්නවන ශබ්දය ඇසිණි.
මම සදුදා නැවත කාර්යාලයට යන තුරුවත් අනුහස් සහ ඉරේෂා නිවසට පැමිණියේ නැත.සුපුරුදු පරිදි වාහන තදබදයට මුහුණ දී නියමිත වෙලාවට මිනිත්තු තුන හතරකට කලින් කාර්යාලයට පැමිණි මා හැකි විගස වැඩ පටන්ගතිමි .ගතවුයේ මද වේලාවකි .මගේ සහයක ගිණුම් ලිපිකරුවන් දෙදෙනෙකු මා සොයා ආවෝය.
මොකද්ද ප්‍රශ්නේ සුගත්  මම අයෙක්ගෙන් විමසුවෙමි .
අපිට සර් එක්ක කතා කරන්න ඕනේ .අර ගිණුම් විස්තර වැරදුනු එකට වගකීම භාරගන්න ඕනේ මම කියල මේ නිමල් කියනවා.ඒකට මගේ කොටස එකතු කරන එක විතරයි මගේ රාජකාරිය.හරිද බලන්න ඕනේ නිමල්. .
සර් ඒක එහෙම වෙන්න බැහැ.මට වැරදුනේ නැති බව මට ස්ථිරයි.කියමින් සුනිල් ප්‍රතිඋත්තර දුන්නේය.
හරි හරි දෙන්නම නවත්වාගන්න .මේක ඔගොලන්න්ට වඩා මට ප්‍රශනයක් වෙන්න පුළුවන්.මොකද මමයි මෙතන ප්‍රධානියා.නැතිවුනොත් ඉසේල්ලාම නැතිවෙන්නේ මගේ රස්සාව.මේකට මට විරුද්ධව නඩු දාන්නත් පුළුවන් ඕනෙනම් .ඒ ප්‍රශ්නේ මම විසදුව . දැන් එක ගැටළුවක් නැහැ .සුගත් හා සුනිල් එකෙනිකාගේ මුහුණට මුහුණ බලා කිසිවක් නොකියා පිටව ගියහ.
ගතවුයේ දින දෙකක් පමණි.මම කාර්යාලය අවසන් වී නිවසට පැමිණි විටම අනුහස් මා ඉදිරියට දිවගෙන ආවේ කුමක් හෝ අතැතිවය.
තාත්තිට ලෙටර් එකක් .අනුහස්ට සිනාසී ලිපිය අතට ගත මා එය විවර කර බැලුවෙමි.එය සාමන්‍ය ලිපියක් නොවිය.
මේක සිතාසියක් ..එකවරම මට කියවිණි .
සිතාසිය කියන්නේ මොකක්ද තාත්ති   යැයි අනුහස් මගෙන් විමසු නමුත් මම ඊට පිළිතුරු නොදුන්නෙමි කිසිවක් අදහාගත නොහැකිවූ මා එය දෙස බලා සිටියෙමි ..
ඉරේෂා මා අසලට පැමිණි නමුත් කිසිවක් නොවිමසා කෝපයෙන් අනුහස්ද රැගෙන ගෙතුලට ගියාය .ඉරේෂා හැමවිටම කියූ වචනයක් මට දෝංකාර දී ඇසෙන්නට  විය
මොන ප්‍රශ්නේ ආවත් මම ඔයාට ඉන්නවා මගේ අයියේ ....
 ටිෂානි ශෂී කුමාරි

No comments:

Post a Comment