සෞඛ්‍ය සන්නිවේදනය ප්‍රායෝගිකව අත්විදිමු .
ලෝක සෞඛ්‍ය සංවිධානය යනු සමස්ත ලෝකයේම වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය හා යහපත් ජිවන රටාවක් සඳහා පිහිටුවාගත් ආයතනයකි. එනමුත් සියලු දෙනාගේම යහපත් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට පමණක් නොහැකිය .ඒ සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ .වර්තමානය වන විට මුළු ලෝකයම සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දී සිටින බව අපි දනිමු .ශ්‍රී ලංකාවාසීන් වන අප ද මෙම තත්වය අත්විදීමේ කොටස්කරුවෝ බවට පත්ව සිටිමු .සෞඛ්‍ය අභියෝග පිළිබද සදහන් කිරීමේදී වර්තමානයේ ප්‍රධාන වශයෙන් පාරිසරික ගැටළු නිසා එම අභියෝග ඇතිවන ආකාරය දැකිය හැකිය.පාරිසරික ගැටළු වලට හේතු වන්නේ පරිසර දුෂණයයි .එම නිසා පාරිසරික ගැටලුවලට විසදුම් සෙවීමෙන් පරිසරයෙන් ඇතිවන සෞඛ්‍ය අභියෝග ජයගත හැකිය .ප්‍රථමයෙන්ම කල යුත්තේ පරිසරයට හානියක් නොවන පරිදි නිරන්තරයෙන් පරිසරය පිරිසිදුව තබාගැනීමයි .එහෙත් වර්තමානයේ කැලිකසල ගැටලුව නිසා පරිසරය පිරිසිදුව තබාගැනීම සිදුකල නොහැකිය .එසේනම් මෙයට විසදුම කුමක්ද ?මෙයට ගතහැකි හොදම ක්‍රියාමාර්ගය ලෙස පරිසරවේදීන් දක්වන්නේ කසල ප්‍රතිචක්‍රීකරණයයි .කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමට නම් කසල වර්ගීකරණය සිදුකර යුතුය .පසුගිය කාලයේදී කසල වර්ගීකරණය උදෙසා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිණි .ඒ අනුව දිරන /නොදිරන ද්‍රව්‍ය වෙන වෙනම එක්රැස් කිරීම උදෙසා නොයෙක් වර්ණයෙන් කසල බඳුන් ලබාදෙන ලදී .එහෙත් එම ක්‍රියාව සාර්ථක වී නොමැත .කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමට රාජ්‍ය අංශයේ අනුග්‍රහය නිරතුරුව අවශ්‍ය වේ.පොලිතින් ,ප්ලාස්ටික් පිළිබද ප්‍රශ්නය දිගු කාලයක් තිස්සේ තිබෙන්නකි .වරෙක පොලිතින් තහනම් කිරීමට සුදානම් වුවත් එය සාර්ථක නොවුනි .පොලිතින් හා ප්ලාස්ටික් පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව ඇත .මධ්‍යම පරිසර අධිකාරිය ද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත ,.කසළ ප්‍රතිචක්‍රීකරණය කර්මාන්තයක් ලෙස සිදුකළහැකි බවත් ,ඒවායින් මුදල් ඉපයීම පවා සිදුකල හැකි බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ .එහෙත් මේ පිලිබඳ රජය මෙන්ම ජනතාවද එතරම් සැලකිල්ලක් නොදක්වන නිසා කැලිකසල ගැටලුව මේ තරම් උග්‍ර වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි .නිසි ලෙස සැලසුමකට අනුව කසල බැහැර කරන්නේනම් ඒවා ප්‍රතිචක්‍රීකරණයකිරීම අපහසු නොවන අතර කැලිකසල නිසා ඇතිවන රෝගී තත්වයන්ද බොහෝ ලෙස අවම කරගත හැකිය .
මේ වන විට පවතින ප්‍රධානම සෞඛ්‍ය ගැටලුව වන්නේ
ඩෙංගු උවදුරයි .ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මේවන විට විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක
වේ.ජනමාධ්‍ය මගින්ද ,දේශපාලනික වශයෙන්ද ,නීතිමය වශයෙන්ද ඩෙංගු තුරන් කිරීම සඳහා
පියවර ගනිමින් සිටින යුගයක අප අද ජිවත් වන්නෙමු .මෙසේ කොතෙක් ක්‍රියාමාර්ග ගෙන
තිබුනද ඩෙංගු මර්දනය සාර්ථක වී ඇති බවක් නොපෙනේ .ඩෙංගු රෝගය නිසා මියයන සංඛ්‍යාව
දිනෙන් දින ඉහලයමින් පවතී .ඩෙංගු මර්දනය සාර්ථක කිරීම උදෙසා අප සිදුකල යුත්තේ
කුමක්ද ?එය රජයට පමණක් සිදුකල හැකි දෙයක්ද ?යන්න ප්‍රශ්නාර්ථයකි.එහෙත් මෙයින් අප
කෙසේ හෝ මිදිය යුතුය .මෙය සාර්ථක කරගනිමටනම් පුද්ගලයන් වශයෙන් වෙන වෙනම ඒ පිලිබඳ
පුළුල් අවධානයක් යොමු කල යුතුය.ජලය එකරැස් වන ස්ථාන විනාශ කිරීම උදෙසා සිය
කාර්යබහුල ජිවිතයෙන් සතියකට වරක් දෙවරක් එසේ නැතිනම් පැය කිහිපයක් වෙන් කිරීමට
වගබලා ගත යුතුය.එය සාර්ථක පියවරක් ලෙස දිගින් දිගටම ක්‍රියාත්මක කල හැකිය .එමෙන්ම
ගම්මට්ටමින් ,ප්‍රාදේශීය මට්ටමින් මේ පිළිබද දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ .ඔවුන්
ඒ සදහා යොමුකරවාගැනීමට කටයුතු කල යුතුය .කුඩා දරුවන්ට මේ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක්
ලබා දිය යුතුය .නිවෙස් ආශ්‍රිතව ඩෙංගු මර්දනය සිදුකිරිමේදී පවුලේ සියලුදෙනාම දායක
කර ගැනීම වැදගත්ය .එමගින් අමුතුවෙන් මානව සම්පතක් ඒ සඳහා යෙදවීම අවශ්‍ය නොවේ.
එමෙන්ම පාසල් ,විශ්වවිද්‍යාල මට්ටමින්ද මේ වැඩසටහන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල
යුතුය .රජයක් වශයෙන් සෞඛ්‍ය අංශයට මේ සදහා විශාල වගකීමක් ඇත .රජය මේ සදහා
සුදුසුකම් හා අත්දැකීම් සහිත මානව සම්පතක් මෙන්ම විධිමත් භෞතික සම්පතක් සම්පාදනය කල යුතුය. එමෙන්ම .ජනතාව දැනුවත් කිරීම නොකඩවා සිදුකල යුතුය .රජය
හා ජනතාව එක්ව ක්‍රියාකළහොත් මෙම ඩෙංගු රෝගය මර්දනය කිරීම එතරම් විශාල අභියෝගයක්
නොවනු ඇත .
එලෙසම මීලග සෞඛ්‍ය
අභියෝගය ලෙස අනෙකුත් රෝග වල වැඩිවීම දැකගත හැකිය .මෙසේ නොයෙක් රෝග වැඩිවීම කෙරෙහි පරිසරය අපිරිසිදු වීමයි .එසේනම් එම රෝග වලක්වාලීම
සදහා පරිසරය පිරිසිදු කල යුතුය .නාගරික ප්‍රදේශවල ඉඩකඩ අවම වුවද කසල වර්ගීකරණය
සිදු කොට පුළුස්සා හෝ වෙනයම් ක්‍රමයකින් ඒවා විනාශ කල යුතුය.එමෙන්ම විධිමත් ලෙස කානු
පද්ධතිය හා ජලාපවහන ,මලපවාහන පද්ධතිය සැකසිය යුතුය .එමගින් පාචනය ,උණ,කැස්ස ,සෙම්රෝග
ආදිය අවම කර ගැනීමේ හැකියාව පවතියි .මෙහිදී මෙම ක්‍රියාමාර්ගය දිගින් දිගටම ක්‍රියාත්මක
කිරිමට අප වග බලා ගත යුතුය .එලෙසම ආහාර දුෂණය පිළිබද ගැටළු වලදී නැවුම් එලවළු හා
පලතුරු නිවසේම වගාකිරීම තුලින් එම ගැටලුව ජයගැනීමේ හැකියාව ඇත .අවම ඉඩකඩක වුවද
සුළුවෙන් හෝ බෝග වැවීමෙන් වස විසෙන් තොර ආහාර පරිභෝජනයට ගත හැකිය .එමගින් නිරෝගී
ජීවිතයකට මග පෑදේ.පානිය ජලය පිලිබඳ ගැටලුවලදී ජල පිරිපහදුව පිලිබඳ වැඩි අවධානයක්
යොමු කල යුතුය .එමෙන්ම ජල නළ විධිමත්ව සැකසීම මගින් මෙන්ම පිරිසිදු ජලය හා උණුකර
නිවාගත් ජලය පානය කිරීමට ජනතාව යොමු කිරීමෙන් මෙයට විසදුම් ලැබේ .එමෙන්ම වායු
දුෂණය අවම කිරීමෙන් හා වාහනවල දුම් සහතික ලබාගැනීමේ ක්‍රමවේද විධිමත් කිරීමෙන් ශ්වසන
රෝග වලක්වා ගත හැකිය .
සෞඛ්‍ය අභියෝග අතර ඖෂධ පිළිබඳව තිබෙන යම් යම් ගැටලුකාරී තත්වයන්ද
ප්‍රධාන වේ .ඒ අනුව ඖෂධ සඳහා විධිමත් ප්‍රතිපත්තියක් පළමුවෙන්ම සැකසිය යුතුය .රජය
එයට මැදිහත්වී ක්‍රියාකළ යුතුය .එලෙසම රෝග නිර්ණය සම්බන්ධයෙන්ද වෛද්‍යයවරුන්ට වගකීම් සහගතව කටයුතු කිරීමට අවශ්‍ය
විධිවිධාන සැකසිය යුතුය .එමෙන්ම රෝගින්ටද ඖෂධ ලබාගැනීමේදී එම ඖෂධයේ තත්වය සොයා බලා
මිලදීගන්නා ලෙස දැනුවත් කල යුතුය .එමෙන්ම ඖෂධ බෙදාහැරීමේදී මෙන්ම අලෙවිකිරිමේදීද
විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මෙහිදී වැදගත් වේ .
ප්‍රමිතියෙන්
බාල ඖෂධ ආනයනය කිරීමට ඉඩ ලබා නොදිය යුතුය .රටේ සෞඛ්‍ය අංශය මේ සදහා ප්‍රමුඛත්වය
ගෙන ක්‍රියාකළ යුතුය .ඒ අයුරින් ඖෂධ පිළිබද ගැටලුවට විසදුම් ක්‍රියාත්මක කල යුතුය .

No comments:
Post a Comment