Monday, January 22, 2018
managment තියරි
කළමනාකරණය කොතෙක් කලත්
කළමනාකරුවෙකු වෙන්ට හැකිද
managment තියරි දන්නා පමණින්
අපි ඇත්තටම මැනෙජර්ලද
ජිවිතේ හැමදේම
අඩුවකින් තොරව අපි
කරන්නට තැත් කලත්
එය එහෙම වෙනවාද
ලොකු managment එකක්
එක්ක අපි වැඩකරත්
වරදින්න යන්නේ හරි
අඩු කාලයක් නේද
හැමදේම අපි හොදින්
manage කලත් ඉතින්
manage කරන්න බැරි
එක දෙයයි දන්නවද
ජීවිතය යන විදිහ
හරි වුනත් වැරදුනත්
තවම තියරියක් නැති
එකම දෙය එය නේද
කාලය ...
Sunday, January 7, 2018
එච්චරයි ......
අපේ ජීවිතවල ඇති නොයෙකුත් අභිප්‍රායන් අතර කාටවත් කරදරයක් නොවී යහතින් ජිවත් වීම එක අභිප්‍රයකි .වර්තමාන සමාජය තුල එම අභිප්‍රාය සාධනය කරගැනීමට තරම් ඉඩකඩක් තිබේද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාලයකි .කාටවත් කරදරයක් නොකරන මිනිසුන් අද සමාජයේ නැත්තාම නොවේ.එහෙත් බහුතරයක් සුළු හෝ කරදරයක් අනෙකාට සිදුකරයි.කරදර නිර්වචනය කිරිමට මා සතු වාග්කෝෂය අපොහොසත් නමුදු ඒ කරදර යනු කායිකව සිදුකරන හිරිහැර කිරීම් පමණක් නොවන බව කිවයුතුය.කායික කරදර වලට වඩා මානසික කරදර බෙහෙවින් බලසම්පන්නය.එහෙයින් එකී මානසික කරදර ගැන යමක් සදහන් කිරීමට මට සිතේ.මනුසතුන් වූ අපට සිතේ සතුට යනු මහගුම සම්පතයි.එත් අපේ සිතේ සතුට නැති කරන මානසික කරදරකාරයෙකු අපේ නිවසේම සිටි.යතාලෝකයෙන් එපිට ජිවිතයක් ඔබට පෙන්වා ඔබගේ ජීවිතය කරදරයට පත්කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයයි.මුළු ලෝකයේම ඇති ප්‍රශ්න ඔබේ සිතට ඇතුළු කරන මේ කරදරකාරය අන් කවරෙකු නොව රුපවාහිනීයයි
ඔබේ දිනචර්යාව තුල රුපවාහිනිය ඔබට කෙතරම් මානසික අසහනයක් ගෙනදෙනවාද යන්න මදක් සිතන්න,එහි විකාශනය වන වෙළද දැන්වීම් ,ටෙලි නාට්‍ය ආදියෙන් කෙතරම් ඔබේ මානසික සහනය පිරිහී යනවාද ? ,අධ්‍යාපන ,රැකියාව හෝ නිවසේ වැඩකටයුතු නිමාකර සවස් යාමයේ ඔබ මානසික සුවය සෙවීමට රුපවාහිනිය අභියස නෙත් අයාගන සිටියත් ඔබේ ප්‍රශ්න වලට කිසිදු විසදුමක් එයින් නොලැබේ.ඔබ යම් වැඩසටහනකට ,ටෙලිනාට්‍යක් බැලීමට පුරුදු වී සිටිනම් එක දිනක් හෝ එය නොබැලුවොත් ඔබ කෙතරම් වියවුලට පත්වෙනවාද ? එමෙන්ම බුරුතු පිටින් විකාශනය වන සිංහලයෙන් හඬකැවූ ඉන්දියානු ටෙලිනාට්‍ය අතර ඔබ කෙතරම් අතරමං වෙනවාද ?ඒ ටෙලිනාට්‍ය වලින් පෙන්වන ලෝකය ඇතැම්විට සජීවී ලෙස ඔබට දැනෙන්නටද බැරිකමක් නැත.එසේ වුවහොත් ඔබට මෙන්ම ඔබ වටා සිටින අයගේද මානසික පිඩාවට ඔබ හේතුවක් වේ.රුපවාහිනී සගයා ලංකාවට ගොඩබැස්සේ අධ්‍යාපන මාධ්‍යක් ලෙසය.එහෙත් ඔහු වර්තමානය වන විට හොදම අලවිකරුවෙකු වී හමාරය්.ටෙලිනාට්‍ය වෙළද දැන්වීම් මෙන්ම නොයෙක් වැඩසටහන් මගින්ද අලෙවිකරණය සිදුවන්නේ හොර රහසේමත් නොවේ.එහෙයින් අපගේ සගයා අපේ මනසට කරන බලපෑම පිලිබඳ සිතා බැලිය යුතුය.
මේ සටහන අවසානයේ ඔබට යමක් පැවසීමට සිතේ .කොතරම් විජ්ජා ඔබවෙත සමීප කලද රුපවාහිනි සගයා අතේ දුරින් නොව ඊටත් ඈතින් තාබගත්තට කිසිදු වරදක් නොවේ.එසේ නොවුනහොත් නුදුරු අනාගතයේදීම
අපේ රට උන්මන්තක්යන්ගෙන් පිරී යනු ඇත .එවිට වෛද්‍යවරයා රෝග නිධානය ගැන විමසන විට අපට දීමට ඉතුරු වන්නේ එක් පිළිතුරක් පමණි .
" මං දිගටම පුරුද්දක් විදිහට t v බැලුවා ...එච්චරයි .
Subscribe to:
Posts (Atom)

