Friday, May 18, 2018

අපි කවුද ?

                   


                                                          අපි කවුද ?........



















ඉරගල වැටෙන යාමයට 
පිබිදිලා හැමදාම 
දුවනවා ජිවිතේ සැනසීම හොයාගෙන
කොන්ක්‍රීට් වනාන්තර 
මුළු නගරේ පුරාවට 
ඒ දිහා බල බලා  
අපි යන්නේ හැමදාම

සතුට සැනසුම කොහෙද
පැතුම් ඉටු වෙනවාද 
අරමුණක් හදාගෙන 
දුවනවා හැමදාම


විටෙක කදුලැලි මතින්
විටෙක හසරැල් මතින්
තවත් හිස්තැන් මතින්
කාලයට හරි බයෙන්
දුවනවා හැමදාම

ජිවිතේ හරි අරුත 
අපට වැටහෙනවාද 
එහෙම නැතිනම් තවත්
මිරිගුවම දකිනවද



ඉර අහසේ ගිලෙනකොට
දවස නිමවෙනවාද 
එත් අපි දුවන එක 
නවත්තල තියෙනවද



දුව දුවා ජිවිතේ 
සතුට සැනසුම හොයන
හති වැටි එක් දිනක 
සෝ සුසුම් වගුරුවන 



ජිවිතේ හදුනගෙන
හති වැටුන දවසකට 
හොදින් තේරුම් යාවි 
ඇත්තටම අපි කවුද  ...... 

Monday, January 22, 2018

   
managment තියරි






කළමනාකරණය කොතෙක් කලත්
කළමනාකරුවෙකු වෙන්ට හැකිද
managment තියරි දන්නා  පමණින්
අපි ඇත්තටම මැනෙජර්ලද 

ජිවිතේ හැමදේම
අඩුවකින් තොරව අපි
කරන්නට තැත් කලත්
එය එහෙම වෙනවාද
ලොකු managment එකක්
එක්ක අපි වැඩකරත්
වරදින්න යන්නේ හරි
අඩු කාලයක් නේද

හැමදේම අපි හොදින්
manage කලත් ඉතින්
manage කරන්න බැරි
එක දෙයයි දන්නවද

ජීවිතය යන විදිහ
හරි වුනත් වැරදුනත්
තවම තියරියක් නැති
එකම දෙය එය නේද

කාලය ...


               

Sunday, January 7, 2018



එච්චරයි ......







 අපේ ජීවිතවල ඇති නොයෙකුත් අභිප්‍රායන් අතර කාටවත් කරදරයක් නොවී යහතින් ජිවත් වීම එක අභිප්‍රයකි .වර්තමාන සමාජය තුල එම අභිප්‍රාය සාධනය කරගැනීමට තරම් ඉඩකඩක් තිබේද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාලයකි .කාටවත් කරදරයක් නොකරන මිනිසුන් අද සමාජයේ නැත්තාම නොවේ.එහෙත් බහුතරයක් සුළු හෝ කරදරයක් අනෙකාට සිදුකරයි.කරදර නිර්වචනය කිරිමට මා සතු වාග්කෝෂය අපොහොසත් නමුදු ඒ කරදර යනු කායිකව සිදුකරන හිරිහැර කිරීම් පමණක් නොවන බව කිවයුතුය.කායික කරදර වලට වඩා මානසික කරදර බෙහෙවින් බලසම්පන්නය.එහෙයින් එකී මානසික කරදර ගැන යමක් සදහන් කිරීමට මට සිතේ.මනුසතුන් වූ අපට සිතේ සතුට යනු මහගුම සම්පතයි.එත් අපේ සිතේ සතුට නැති කරන මානසික කරදරකාරයෙකු අපේ නිවසේම සිටි.යතාලෝකයෙන් එපිට ජිවිතයක් ඔබට පෙන්වා ඔබගේ ජීවිතය කරදරයට පත්කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයයි.මුළු ලෝකයේම ඇති ප්‍රශ්න ඔබේ සිතට ඇතුළු කරන මේ කරදරකාරය අන් කවරෙකු නොව රුපවාහිනීයයි
                                                         
                                         ඔබේ දිනචර්යාව තුල රුපවාහිනිය ඔබට කෙතරම් මානසික අසහනයක් ගෙනදෙනවාද යන්න මදක් සිතන්න,එහි විකාශනය වන වෙළද දැන්වීම් ,ටෙලි නාට්‍ය ආදියෙන් කෙතරම් ඔබේ මානසික සහනය පිරිහී යනවාද ? ,අධ්‍යාපන ,රැකියාව හෝ නිවසේ වැඩකටයුතු නිමාකර සවස් යාමයේ ඔබ මානසික සුවය සෙවීමට රුපවාහිනිය අභියස නෙත් අයාගන සිටියත් ඔබේ ප්‍රශ්න වලට කිසිදු විසදුමක් එයින් නොලැබේ.ඔබ යම් වැඩසටහනකට ,ටෙලිනාට්‍යක් බැලීමට පුරුදු වී සිටිනම් එක දිනක් හෝ එය නොබැලුවොත් ඔබ කෙතරම් වියවුලට පත්වෙනවාද ? එමෙන්ම බුරුතු පිටින් විකාශනය වන සිංහලයෙන් හඬකැවූ ඉන්දියානු ටෙලිනාට්‍ය අතර ඔබ කෙතරම් අතරමං වෙනවාද ?ඒ ටෙලිනාට්‍ය වලින් පෙන්වන ලෝකය ඇතැම්විට සජීවී ලෙස ඔබට දැනෙන්නටද බැරිකමක් නැත.එසේ වුවහොත් ඔබට මෙන්ම ඔබ වටා සිටින අයගේද මානසික පිඩාවට ඔබ හේතුවක් වේ.රුපවාහිනී සගයා ලංකාවට ගොඩබැස්සේ අධ්‍යාපන මාධ්‍යක් ලෙසය.එහෙත් ඔහු වර්තමානය වන විට හොදම අලවිකරුවෙකු වී හමාරය්.ටෙලිනාට්‍ය වෙළද දැන්වීම් මෙන්ම නොයෙක් වැඩසටහන් මගින්ද අලෙවිකරණය සිදුවන්නේ හොර රහසේමත් නොවේ.එහෙයින් අපගේ සගයා අපේ මනසට කරන බලපෑම පිලිබඳ සිතා බැලිය යුතුය.


මේ සටහන අවසානයේ ඔබට යමක් පැවසීමට සිතේ .කොතරම් විජ්ජා ඔබවෙත සමීප කලද  රුපවාහිනි සගයා අතේ දුරින් නොව ඊටත් ඈතින් තාබගත්තට කිසිදු වරදක් නොවේ.එසේ නොවුනහොත්  නුදුරු අනාගතයේදීම
අපේ රට උන්මන්තක්යන්ගෙන් පිරී යනු ඇත .එවිට  වෛද්‍යවරයා රෝග නිධානය ගැන විමසන විට අපට දීමට ඉතුරු වන්නේ එක් පිළිතුරක් පමණි .
" මං දිගටම පුරුද්දක් විදිහට t v බැලුවා ...එච්චරයි .