Wednesday, June 28, 2017

ස්මාර්ට් හීන






අම්මා හදයි පුංචි ඔරුව
වතුරේ පා කර හරින්න
අයිය හදයි සරුංගලේ
උඩු ගුවනේ සිරිමවන්න
නංගි උයන සෙල්ලම් බත
කන්න හිතයි බඩ පැලෙන්න
මල්ලි කඩන එන දන් ගෙඩි
වලට කැලේ අරක් ගන්න
දැන්නම් මේ හීන පොකුර
ස්මාර්ට් dream වෙලා ඔන්න

ගේම් ඩවුන්ලෝඩ් කරන්
ලස්සන සෙල්ෆියක් අරන්
ඔන්ලයින් chat එකක් දමන්
හීන බලයි පුංචි එවුන්
කෝ අම්මගේ පුංචි ඔරුව
කෝ අයියගේ සරුංගලේ
කෝ නංගිගේ සෙල්ලම් බත
කෝ මල්ලිගේ දන් පොකුර

කවුරුත් නැ ළගපාතක
ස්මාර්ට් ෆෝන් පමණයි ලග
ටැබ් එක මත නිතරම ඇස
තියන් ඉන්න එකයි සතුට

ඉතින් අපේ පුංචි එවුන්
වැරදියි කියලද කියන්නේ
ඉතින් ඔවුන් දකින හීන
කොහොමද ස්මාර්ට් නොවෙන්නේ........