Wednesday, June 28, 2017

ස්මාර්ට් හීන






අම්මා හදයි පුංචි ඔරුව
වතුරේ පා කර හරින්න
අයිය හදයි සරුංගලේ
උඩු ගුවනේ සිරිමවන්න
නංගි උයන සෙල්ලම් බත
කන්න හිතයි බඩ පැලෙන්න
මල්ලි කඩන එන දන් ගෙඩි
වලට කැලේ අරක් ගන්න
දැන්නම් මේ හීන පොකුර
ස්මාර්ට් dream වෙලා ඔන්න

ගේම් ඩවුන්ලෝඩ් කරන්
ලස්සන සෙල්ෆියක් අරන්
ඔන්ලයින් chat එකක් දමන්
හීන බලයි පුංචි එවුන්
කෝ අම්මගේ පුංචි ඔරුව
කෝ අයියගේ සරුංගලේ
කෝ නංගිගේ සෙල්ලම් බත
කෝ මල්ලිගේ දන් පොකුර

කවුරුත් නැ ළගපාතක
ස්මාර්ට් ෆෝන් පමණයි ලග
ටැබ් එක මත නිතරම ඇස
තියන් ඉන්න එකයි සතුට

ඉතින් අපේ පුංචි එවුන්
වැරදියි කියලද කියන්නේ
ඉතින් ඔවුන් දකින හීන
කොහොමද ස්මාර්ට් නොවෙන්නේ........


Tuesday, May 30, 2017

සොබාදහමේ සරදම







කියාපන් අහස 
නුඹට අප කල වරදට
දඩුවම් දුන්නාද 
බලපන් අහස
අපේ උන්ගේ කදුල
සිතාපන් අහස
මිනිසුන්ගේ ඉරණම....


නුබේ  රුදු  බව
දැනුනා හොදින් අපට 
දියන් සමාව....
එකෙක් කල වරදට 
දඩුවම් විදිනවා සැවොම

දනිමි
 සොබාදහම 
රැකගැනීම
අපේ ඇත්තන්ට
බාලගිරි දෝෂයක් වනබව


සිහිකරපන් අහස 
බුදුමග...
දියන් සමාව මේ
විත්තිකරුවන්ට.....



Sunday, May 21, 2017

කඩතුරාව හැර බලමුද?

 කඩතුරාව හැර බලමුද?





අපේ රට අතීතයේ
ලෝකෙන් උතුම් රටය
අද අපේ රට 
ලෝකෙන්පරාජය වූ 
රටය
දරුවන් මරා මවද මැරෙන
දියණිය කෙලෙසා පියා සිරගතවන
කුණු කන්දට ජිවිත බිලිදෙන
මැතිසබේ ටොකු අනින 
ජනතාව හෙම්බත්වන 
අපුරු විහිළුවකි අපේ රට ලෝකයට

තිරසාර  සංවර්ධනයේ සිහිනය ළග
දෑස් අයාගෙන සිටින අප
මිරිගුවක් දැක දැකම  හතිලමින් දුවන්නේ එයට
උතුම් මවුබිම 
බුදුන් වැඩි බිම
කදුලින් නැහැවෙන කල 
කෙලෙසනම් ඉවසා සිටිමුද 

මග හොදට තිබෙන කල 
මං මුලා වූ අප
කෙලෙසනම් සංවර්ධනය වූ රටක් වෙමුද
විසිඑක්වන සියවසේ හුස්ම අදිමින් 
ඇතුලත ගැට නොලිහමින්
පිටත ගැට ලිහන්නට කවර සුදුසුකමක්ද අපට

යතාර්ථය දැක දැකම 
අන්ධයන් මෙන් මුළුගැන්වුණු කල
ඉරක් පායවිද හෙට අපට .......

ටිෂානි ශශි කුමාරි


Monday, May 15, 2017

වෙසක් උදානයෙන් පසු විපරම

වෙසක් උදානයෙන්  පසු  විපරම\






සැමරුවෙමු අපි
තිලෝගුරු බුදුපියාණන්ගේ තෙමගුල
දුන්නෙමු දන්
රැස්කලෙමු පින්
නමුදු
ලැබුවේද අප සැනසීම
තෙමගුල් දිනය 
 සැණකෙළියක් විය අපට..
නළා ශබ්දය  ...
වෙස්මුහුණු 
විනෝදයක් විය අපට
සැබවින්ම අපි බෞද්ධයෝද?
තෙමගුල් දිනයසැණකෙළියක් කරගත්
සිතන්නට කාලය නොවේද
අන්තර්ජාතික වෙසක් උත්සවය 
සැමරු ධර්මදිවයින....  
සැණකෙළි පුරයක්ද?...

යොමා බුදුනෙත කුලුනින්
බුදුසමිදු වැඩම කරාවිද
ලෝකයෙන් උතුම් රටට ...

සබද..
හිතන්නට කාලයයි මේ.....




Tuesday, April 25, 2017

සයිබර් ප්‍රේමය


ඔන්ලයින් ආවාද
විමසයි සැමවිට ම  මගේ හිත
ආදරයහොයාගෙන මන් ආවේ...
ඔන්ලයින්''
මගේ ජීවිතය ඔෆ්ෆ්ලයින්
නොකර...
ආදරය රකින්නට හැකිවේද...
.සයිබර් කුමරුනි
 ඔබට...


නොදනිමි  මා පෙම් කරන්නට
දම්මි මෙන් ගොළු හදවතින්
නොහැගේ මට බලා සිටින්නට
රාධා මෙන්...
දනිමි ගෝවින්ද නොවන වග ඔබ
නමුදු
සිතේ මට
පෙම් කරන්නට ඔබට
සයිබර් රාධාවක්  ලෙසින්...

සොයමි මම ආදරය යන වදනේ  තේරුම
සයිබර් රාමුව තුලින්
ඔන්ලයින් ඉන්න එක
විතරමද ආදරය...
නොතේරුණත් මට
හැගෙයි යම් දෙයක්
සැලමුතු පෙම අපටනම්
තව දුරයි කියා...

ඔබට හැකිනම් ......මටත් හැකිනම්....
සයිබර් නවකතාවක් නොව
ආදරයේ පාට දක්කිනට
ඔන්ලයින් ජීවිතය තුළ.........................