කඩතුරාව හැර බලමුද?
අපේ රට අතීතයේ
ලෝකෙන් උතුම් රටය
අද අපේ රට
ලෝකෙන්පරාජය වූ
රටය
දරුවන් මරා මවද මැරෙන
දියණිය කෙලෙසා පියා සිරගතවන
කුණු කන්දට ජිවිත බිලිදෙන
මැතිසබේ ටොකු අනින
ජනතාව හෙම්බත්වන
අපුරු විහිළුවකි අපේ රට ලෝකයට
තිරසාර සංවර්ධනයේ සිහිනය ළග
දෑස් අයාගෙන සිටින අප
මිරිගුවක් දැක දැකම හතිලමින් දුවන්නේ එයට
උතුම් මවුබිම
බුදුන් වැඩි බිම
කදුලින් නැහැවෙන කල
කෙලෙසනම් ඉවසා සිටිමුද
මග හොදට තිබෙන කල
මං මුලා වූ අප
කෙලෙසනම් සංවර්ධනය වූ රටක් වෙමුද
විසිඑක්වන සියවසේ හුස්ම අදිමින්
ඇතුලත ගැට නොලිහමින්
පිටත ගැට ලිහන්නට කවර සුදුසුකමක්ද අපට
යතාර්ථය දැක දැකම
අන්ධයන් මෙන් මුළුගැන්වුණු කල
ඉරක් පායවිද හෙට අපට .......
ටිෂානි ශශි කුමාරි

No comments:
Post a Comment