Tuesday, April 25, 2017
සයිබර් ප්‍රේමය
ඔන්ලයින් ආවාද
විමසයි සැමවිට ම මගේ හිත
ආදරයහොයාගෙන මන් ආවේ...
ඔන්ලයින්''
මගේ ජීවිතය ඔෆ්ෆ්ලයින්
නොකර...
ආදරය රකින්නට හැකිවේද...
.සයිබර් කුමරුනි
ඔබට...
නොදනිමි මා පෙම් කරන්නට
දම්මි මෙන් ගොළු හදවතින්
නොහැගේ මට බලා සිටින්නට
රාධා මෙන්...
දනිමි ගෝවින්ද නොවන වග ඔබ
නමුදු
සිතේ මට
පෙම් කරන්නට ඔබට
සයිබර් රාධාවක් ලෙසින්...
සොයමි මම ආදරය යන වදනේ තේරුම
සයිබර් රාමුව තුලින්
ඔන්ලයින් ඉන්න එක
විතරමද ආදරය...
නොතේරුණත් මට
හැගෙයි යම් දෙයක්
සැලමුතු පෙම අපටනම්
තව දුරයි කියා...
ඔබට හැකිනම් ......මටත් හැකිනම්....
සයිබර් නවකතාවක් නොව
ආදරයේ පාට දක්කිනට
ඔන්ලයින් ජීවිතය තුළ.........................
Subscribe to:
Post Comments (Atom)

හොඳ වැඩක් ,ඉදිරියට යමු
ReplyDeleteහොඳ වැඩක් ,ඉදිරියට යමු
ReplyDeletebohoma sthuthi damith
ReplyDelete